Colombo Today Local News

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

72 වැනි නිදහස් දින සමරුම අද (4දා) උදේ කොළඹ ටොරින්ටන්හි නිදහස් චතුරස‍්‍ර භූමියේදී මහත් අභිමානයෙන් යුක්තව පැවැත්වේ.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම නිදහස් දින උත්සවය සමරුමේ ආචාර පෙළපාලියට යුද හමුදාවේ 4325 ක්, නාවික හමුදාවේ 868 ක්, ගුවන් හමුදාවේ 815 ක් සහ පොලිසියේ 1382 ක් සහභාගි වෙති.

මේ හැර සිවිල් ආරක්‍ෂක බළකායේ 515 ක් සහ ජාතික කැඩෙට් බළකායේ 355 ක්ද එක්වෙති.

72 වැනි නිදහස් සමරුව සඳහා අමුත්තන් 2000 කට ඇරයුම් කර ඇත.

නිදහස් දින සැමරුමේ සංස්කෘතික අංගවලට 450 ක් සහභාගි වෙති.

මෙම නිදහස් දින සමරු උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව මුහුණු ආවරණය පැළඳිය යුතු බවට නියෝගයක් කර නැත.

නිදහස් දින සැමරුම සඳහා වැයවන අධික මුදල නිසා අංග රැසක් අඩුකර තිබේ.

Related posts

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 54ක් අත්අඩංගුවට

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

colombotoday

කොළඹ -නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටේ

colombotoday

දේවස්ථානයේ බෝම්බයතබා ඇත්තේ 13හැවරදී දරුවෙක්. තවත් තොරතුරු එළියට

colombotoday