Colombo Today Local News

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

පාස්කු ඉරිදා (21) ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් දැඩි පිළිකුලෙන් යුතු හෙලා දකින බවත් ඉස්ලාමිය ධර්මයට පටහැනි එවැනි ත්‍රස්ත ක්‍රියා තම පක්ෂය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, මෙවැනි ම්ලේච්ජ ක්‍රියා පරාජය කිරීමට තම පක්ෂය පුර්ණ සහය ලබාදෙන බවත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක, අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් මහතා පවසයි.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සහජීවනය අගයන ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව පැවසු ඇමතිවරයා, ”අද හැම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා..එතරම් වේදනාවක් ” යයි කියා සිටියේය.

මෙම ඝාතන වලට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් ලබාදිය යුතු බවද එහිදී අවධාරණය කර සිටි ඇමතිවරයා,

”සියදිවි හානිකර ගැනීම මුස්ලිම්වරුන්ට පාපක්‍රියාවක්. අපේ ආගමේ මේවගේ පාපකාරී දේවල්වලට කිසිම් ඉඩක් නැහැ ..” යයි කියා සිටියේය.

නිව්ස් ටියුබ්

Related posts

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday

සංහිදියාවෙන් මේ රට සුරපුරයක් කළ හැකියි.. පල්ලි කෝවිල් ගිනි තියල ඒක කරන්න බෑ – සජිත් යාපනේදී කියයි

colombotoday

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

අද කාලගුණය

colombotoday

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday