Colombo Today Local News

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා.

ඒ අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප‍්‍රමාද විය හැකි බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ. රටවල් රැසක තවදුරටත් කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ඇති බැවින් ගුවන් තොටුපළ විවෘත කිරීම ප‍්‍රමාද වනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ.

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා. එහිදී සඳහන් කළේ පවතින ක්‍රියාවලිය තුළ ලංකාව තුළට ගුවන් යානයක් ගෙන්වා ගන්නේ සෑම පැය 04කට හෝ 06කට සැරයක් බවයි. එලෙස පැමිණියත් දිනකට ගුවන් මගීන් සමග ගෙන්වා ගත හැක්කේ ගුවන් යානා 04ක් වැනි ප්‍රමාණයක් බවත් සඳහන් කළා.

මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (27) පස්වරුවේ ඉන්දියාවේ බැංගලෝර් සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එම යානයෙන් එක් මගියෙකු පැමිණ ඇති අතර නැවත මගීන් 54 දෙනෙකු රැගෙන එම යානය ඊයේ රාති‍්‍රයේ බැංගලෝර් වෙත පියාසර කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ.

Related posts

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

colombotoday

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday

“ගෝඨා වැඩේ කරන්න කිව්වා”- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි

colombotoday

අටුලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday