Colombo Today Local News

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

රාජගිරිය ප්‍රදේශයේ පැවැති සමීප ඥාතියකුගේ අවමංගල්‍යයකට සහභාගි වී නැවත එම ස්ථානයෙන් පිටතට යෑමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් සිදුකළ අනතුරකින් අග්‍රාමාත්‍යවරයා නූලෙන් බේරී ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා පෙරේදා (26දා) රාත්‍රියේ රෝහල් ගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාගේ සමීප ඥාතිවරියකගේ අවමංගල්‍යයකට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයට පැමිණ තිබේ.

මෘත දේහයට අවසන් ගෞරව දැක්වූ අග්‍රාමාත්‍යවරයා ටික වේලාවකට පසු නැවත එම නිවෙසින් පිටත්ව යෑමට ඔහුගේ නිල රථයට නැඟීමට පැමිණි මොහොතේදී මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

Related posts

ජාතික ආණ්ඩුව සූදානම්… එජාපයට පැන්න ශ්‍රීලනිප අය ඇමතිකම් ඉල්ලා ජනපතිට ලියයි…

colombotoday

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාවක්

colombotoday

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

colombotoday

මිනිස් වෙස් ගත් නොමිනිසුන් ගල්ගමුවේ දල පූට්ටුවා මරා දමයි.. කෑලි කපා තැන තැන වලළයි !!

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන්න පියවර ගන්නවා- සජිත්

colombotoday