Colombo Today Local News

මේ වසරේ වියදමට වඩා කෝටි තිස්දාහක වැඩිවීමක්.. ලබන වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2281ක්…

රජයේ ලබන 2019 වසරේ අපේක්ෂිත වියදම රුපියල් කෝටි දෙලක්ෂ විසිඅටදහස් එකසියයක් (රුපියල් බිලියන 2281) බව දැක්වෙන එම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන්ව ඇත.

මෙම විසර්ජන පනත් කෙටුම්පත, ලබන වසරට අදාළ අයවැය ‍ලේඛනය ඉදිරිපත් කිරීමට වසරකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. එය මේ වන විට රජයේ මුද්‍රණාල වබේ අඩවියට එක්කර ඇත.

මේ අනුව ලබන වසරේ අපේක්ෂිත වියදම මේ වසරේ වියදමට වඩා රුපියල් කෝටි තිස්දහස් හාරසිය හැට අටකින් ඉහළ ගොස් ඇත. මේ වසරට (2018) අපේක්ෂිත වියදම ලෙස දැක්වුණේ, රුපියල් කෝටි එක්ලක්ෂ අසූ හත්දහස් හත්සියයකි. ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ලබන වසරේදී වැඩිම මුදලක් වෙන් කර ඇති අතර එය රුපියල් කෝටි තිස්දහස් හයසිය එකොළහකි. මේ වසරට සාපේක්ෂව බලන කළ එය රුපියල් කෝටි 1540ක වැඩිවීමකි.

ඊට අමතරව පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය සඳහා ලබන වසරට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි විසිහතර දහස් පන්සිය හැටපහකි. රුපියල් කෝටි විසිනවදහස් පන්සිය පහළොවක මුදලක්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ලබන වසරේ වියදම් සඳහා වෙන්කර තිබේ. ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් ලබන වසර සඳහා රුපියල් කෝටි එක්දහස් තුන්සිය හතළිස් හතක් වෙන්කර ඇති අතර එම ප්‍රමාණය මෙම වසරට සාපේක්ෂව රුපියල් කෝටි තුන්සිය හතළිස් නවයක වැඩිවීමකි. අගමැතිවරයා වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි එකසිය හැටහයකි. මේ වසරේ අගමැතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි එකසිය හැත්තෑහතක් වෙන් කර තිබූ අතර ඒ අනුව ලබන වසර සඳහා අගමැතිවරයාගේ වියදම රුපියල් කෝටි එකොළහකින් පමණ අඩුවී ඇත.

අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි දසදහස් පන්සියයක් වන අතර උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය සඳහා ලබන වසරට රුපියල් කෝටි අටදහස් තුන්සිය පනහක් වෙන්කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර තිබෙන මුදල රුපියල් කෝටි දහඅට දහස් පන්සිය හතළිස් අටකි. එය මේ වසරට වඩා රුපියල් කෝටි හත්සිය නවයක වැඩිවීමකි.

ඊට අමතරව පාර්ලිමේන්තුව සඳහා රුපියල් කෝටි තුන්සිය පනස් අටක්, මැතිවරණ කොමිසම සඳහා රුපියල් කෝටි හයසිය තිස් හතරකි. විගණකාධිපති වෙනුවෙන් රුපියල් කෝටි දෙසිය හතක්, සීමා නිර්ණ කොමිසම සඳහා රුපියල් එක්කෝටි පනස් අටලක්ෂයක්, ජාතික සමගිය සඳහා රුපියල් කෝටි දෙසීය පනහක්, බුද්ධ ශාසන අමාත්‍යාංශයට රුපියල් කෝටි දෙසීය අනුදෙකක්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 16,988ක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 5840ක්, අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1902ක්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හයදහස් නවසිය දහහතක්, මහාමාර්ග සංවර්ධනය සඳහා රුපියල් කෝටි 17525ක්, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 6313ක්, කාන්තා හා ළමා කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි නවසිය පහක්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට රුපියල් කෝටි 1258ක්, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට රුපියල් කෝටි 660ක්, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට රුපියල් කෝටි 545ක්, තරුණ කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 855ක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 1037ක්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට රුපියල් කෝටි 1530, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 4201ක්, තිරසර සංවර්ධනය හා වනජීවි අමාත්‍යාංශයට රුපියල් කෝටි 483ක්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 4834ක් නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශයට රුපියල් කෝටි 4628ක්, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 186ක්, කම්කරු අමාත්‍යාංශයට රුපියල් කෝටි 368ක්, වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 3834ක්, මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා වෙන්කර තිබේ.

ඒ අනුව ලබන වසරේ සමස්ත වියදම වන රුපියල් කෝටි දෙලක්ෂ විසිඅටදහස් එකසියයක මුදල පියවා ගන්නා ආකාරය පිළිබඳව ලබන වසරේ අයවැය ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 5දා මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව ඇත.

Related posts

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

Admin

භූමි තෙල් වෙනුවට ලිපට පෙට්ටල් දමා පිළිස්සුනු රෝගීන් සියයට පනහකින් ඉහළට

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday