Colombo Today Local News

විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ රෙදි ගැලවේ.. විල්පත්තු සංහාරයේ සියළු තතු එළියට !

විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ වන සංහාරයේ සත්‍ය තත්වය හෙළි වී තිබෙනවා.

විල්පත්තු වන විනාශයට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා පරිසරවේදීන් හා විල්පත්තුව සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් කරන ලද බලපෑම් වල ප්‍රතිපලයක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විල්පත්තු වන විනාශය පිලිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව ඊයේ (2017 දෙසැ. 20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කථානායකවරයාට භාර දී තිබේ.

“විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව” ලෙස නම් කර ඇති මෙම වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් සකස් කර ඇත.

විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරයේ සිදු කර ඇති වන හායනය සහ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, එම රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී බලහත්කාරයෙන් වනය විනාශ කර ඇති බවත්, එහි පදිංචි කළ ජනතාව යුද්ධයෙන් අවතැන් වුවන් නොවන බවත්, පදිංචි කොට ඇති පවුල් වලින් 80% ක් නිවාස වල දීර්ඝ කාලීනව ජීවත් නොවන බවත්, එයින් පෙනී යන්නේ ඔවුන්ට පදිංචිය සඳහා වෙනත් ස්ථාන වල නිවාස ඇති බවත්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා රක්ෂිත ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් කොට ඇති බව සහ ඔහුට ඒ සඳහා අධිකාරිමය බලයක් නොමැති බවත් යන කරුණු සහ තවත් විශාල කරුණු ගණනාවක් මෙම විගණන පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇති බව දැනගන්නට ඇත.

විලත්තයිකුලම් රක්ෂිතය සංරක්ෂණය කළ යුතු ඉතා වටිනා වනාන්තරයක් බැවින් මෙලෙස පදිංචි කොට ඇති අනවසර පදිංචි කරුවන් හා නිවාස ඉවත් කොට එම හායනය කළ ප්‍රදේශය නැවතත් වනාන්තරයක් බවට පත් කරන ලෙසත් විගණකාධිපතිවරයා නිර්දේශ කොට ඇති බව ද දැනගන්නට ඇත.

මෙම විගණකාධිපති වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත්, එම වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම දැවැන්ත වන විනාශයට මුලික වූ රිෂාඩ් බදුර්දීන් ඇතුළු පද්ගලයින්ට තරාතිරම නොබලා පොදු දේපළ පනත යටතේ දඬුවම් කරන ලෙසත් විල්පත්තුව සුරකිමු සංවිධානය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.

 

Related posts

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday

සබ්‍රිට කවුරුත් ඡන්දේ දීලා නෑ. ඔහු ජනාධිපතිව විනාශ කරනවා. | අක්මීමන දයාරතන හිමි

colombotoday

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජණයක් වෙන්න නම් “පරණ බඩුමුට්ටු” තව කොපමණ හමුවිය යුතුද? – ආරක්ෂක ලේකම්ගෙන් විමල් අසයි

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin