Colombo Today Local News

ෆොන්සේකා භාරයේ තිබූ වනජීවී අමාත්‍යංශයේ සුපිරි ජීප් රියක් අතුරුදන් – රහස් පොලීසියට පැමිණිලි

හිටපු වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා යටතේ තිබූ අලුතින් ගෙන්වන ලද අති සුඛෝපභෝගී සහ අධි බලැති ජීප් රථයක් ඔහු අමාත්‍යාංශයෙන් නික්ම යෑමත් සමඟම අතුරුදන්වී තිබේ.

ඒ වන විට ලියාපදිංචි කර නොතිබූ මෙම රථය ලෑන්ඩ් කෘෘසර් වර්ගයට අයත් වූවක් වන අතර එය බත්තරමුල්ලේ පිහිටි වනජීවී අමාත්‍යාංශයට අයත් රථ අංගණයේ ගාල්කර තිබියදී මෙලෙස අතුරුදන්වී ඇත.

ඉතා ඉහළ වටිනාකමකින් යුත් මෙම අති සුඛෝපභෝගී ජීප් රථය ගෙන්වා තිබුණේ වනජීවී අරමුදලට ලබාදීම සඳහා බවද ආරක්‍ෂක රැකවල් මැද තිබූ එම රථය අතුරුදන්වූයේ කෙසේදැයි සිතා ගැනීමට පවා අපහසු බවද වනජීවී අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ පිළිබඳ වනජීවී හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ ජීප් රථය අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්, රහස් පොලිසිය විසින් මේ වන විට ඒ ගැන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගෙන්ම කට උත්තර ලබාගෙන ඇති බවත්ය.

Related posts

දුම්රිය රියදුරන්ගේ වර්ජනයට ස්ථානාධිපතිවරු හා නියාමකවරුත් එක්වෙති

colombotoday

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

පළමුව ජනමත විචාරණය.. පළාත් පාලන මැතිවරණය ඉන් පසු !

colombotoday

අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday