හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශන වලට අදාලව සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අද (31දා) හදුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා හෝමාගම මහේස්ත්රාත් අධීකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වෙයි.