Colombo Today Local News

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

හෙරොයින් ග්‍රෑම් 08ක් සමග ‘චූටි නංගී’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි කාන්තාවක් මහියංගනය පොලීසිය විසින් ඊයේ (14)දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාරියගෙන් මිලදීගත් හෙරොයින් ග්‍රෑම් 3ක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයට රැගෙන යමින් සිටි තවත් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලීසිය පැවසීය.

මහියංගනය පූජා නගරය දොඩම්වත්ත, ගෙවල් 20 ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සිය නිවස අසල දී හෙරොයින් අලෙවි කරමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගැනුණි.

හෙරොයින් විකුණා ලබාගත් මුදල් බවට සැකකරන රුපියල් 208,000සක මුදලක් ද ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

මෙම සැකකාරිය, මීට පෙර හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගරගත කිරීමෙන් පසු ඇපමත මුදාහැර සිටියදී යළිත් වරක් මෙලෙස හෙරොයින් සමග හසුවූ බවද පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකාරියගේ සැමියා, පියා, මව සහ සහෝදරිය, සහෝදරියගේ සැමියා ද හෙරොයින් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.

Related posts

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

Admin

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

තණමල්විල පුද්ගල ඝාතනයක්

colombotoday

අවුරුදු 18 – 19 අතර පාසල් සිසුන්ට 21 වැනිදා සිට ෆයිසර් එන්නත

colombotoday