Colombo Today Local News

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

හෙට (1) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේ දුම්රිය ගමන්වාර 33ක් හෙට දිනයේ දී ධාවනයට එක් කිරීමට නියමිත බවයි.

එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බව වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර තිබේ.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස් රථ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

Related posts

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

අගමැති හැසිරුනේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ – බන්දුල ගුණවර්ධන

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday