Colombo Today Local News

හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය මාස දෙකකුත් සතියකට පමණ පසුව හෙට(26)දින ඉවත් කෙරෙයි.

ඒ අනුව හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය දහවල් කාලයේ ඉවත් කෙරෙන අතර රාත්‍රී 10,00 සිට අළුයම 4.00 දක්වා පැය හයක කාලයක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරයි.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මෙයට පෙර ක්‍රියාත්මක වූයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පැය 9ක කාලයකි.

රටේ කොරෝනා වෛරස ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වී ඇති හෙයින් මුළු රටේම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට පියවර ගත් බව රජයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා ඉකුත් මාර්තු මස 20 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි මීට පෙර ලිහිල් කෙරුණේ එක් අවස්ථාවකදී පමණයි.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද හෙට(26)දින සිට අවසර ලැබෙන බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Related posts

ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා සමුළුවට එයි.. හමුදාවට දඩුවම් දෙන්න ඉල්ලයි

colombotoday

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි. – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

colombotoday

ලක්ෂ්මන් යාපාට නඩු!

Admin

වලිකාමම් අධි ආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරයි

colombotoday