හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ සංවාදය සදහා සහභාගීවන ලෙස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කල ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ.
එම සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුලින් අකැමැත්තක් නොපෙන්වුවද මේ වන විට එම සංවාදයට නොපැමිණෙන බව දන්වා ඇත.
මීට පෙර ද ඇමතිවරයා දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට සහභාගී වීමට කල ආරාධනයද ප්‍රතික්ෂේප කර තිබිණි.
තමන් ජනතාව වෙනුවෙන් එඩිතරව ඕනෑම තැනක ඕනෑම අයෙකු සමග වාද කිරීමට ඉදිරිපත් වන බව ප්‍රේමදාස මහතා මැතිවරණ වේදිකාවේදී පවසයි.