Colombo Today Local News

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා අද (13)දින ඉදිරි පත් කරන ලද 2021 වාර්ෂික අයවැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්විය.

මන්ත්‍රී ආසන 20 න් සමන්විත හලාවත නගර සභාවේ බලය මෙතෙක් ශ්‍රිලනිප හවුල් වී එක්සත් ජාතික පක්ෂය හිමි කර ගෙන සිටියහ.

ඒ අනුව සභාපති එජාපයෙන් ද උප සභාපති ශ්‍රීලනිපයෙන්ද පත්වි සිටියහ.

මෙම අයවැය ජන්ද විමසීමේ දි උප සභාපති ශ්‍රීලනිපයේ නිතිඥ සාදිකුල් අමීන් මහතා ද අයවැයට විරුද්ධව ජන්දය පල කර සිටියේය.

ඒ අනුව පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් හය දෙනෙකු පමණක් අය වැයට පක්ෂව ජන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්. රීගන් ප්‍රනාන්දු මහතා මෙම රැස්විමට පැමිණ නොසිටිම ද විශේෂත්වයකි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ඩබ්ලිව්.ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා මිගමුව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මත මෙම රැස්වීමට කැදවා ගෙන ආ අතර ඔවුන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් සභාවට ගෙනැවිත් වෙනමම ස්ථානයක රදවා තබා තිබිණී.

Related posts

චමල් රාජපක්ෂගේ නිවසක පොහොර, ඩීසල්, වී ගබඩා…

colombotoday

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday

ජනපති හදිසියේම රාජිතගේ වැඩ බලන්න යයි…

colombotoday

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin