Colombo Today Local NewsTop Stories

හමුදාවේ 56 දෙනෙක්‌ රට යන විට අත්අඩංගුවට ගන්න; කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයෙන් ඉල්ලයි

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 56 දෙනකුගේ සියලු වත්කම් තහනම් කර ඔවුන් විදේශ රටවලට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන ලෙස බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයේ බලධාරීන් හමු වී ඉල්ලා ඇත.

 එසේම ශ්‍රී ලංකාවට ලබාදෙන ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය වහාම අත්හිටුවන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.

 කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් තිදෙනකු හා යුරෝපා සංගමයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ යුද අපරාධ චෝදනාවලට ලක්‌ වූ හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා යුරෝපා සංගමය විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි.මේ හැර ශ්‍රී ලංකා රජය හිටපු කොටි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ද ඉල්ලා ඇත.

-Divaina-

Related posts

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

මුදල් ඇමති රට යයි

colombotoday

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

colombotoday

ජගත් වික්‍රමසිංහ පන්නා ගුවන් විදුලියේ බලය සියතට ගැනීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එක.

colombotoday