Colombo Today Local News

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

ශ‍්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද ඇතැයි පැවසේ.

මෙරට අධිකරණ හා හමුදා අධිකරණ මඟින් ලබාදුන් නියෝග මත මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇති බවත්  හමුදා අංශවලට අයත් පිරිස හැරුණු විට මෙම තහනමට ලක්ව සිටින අය අතර දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයින් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති අය සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන්තොටුපොළ, සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර එම කණ්ඩායම්වල ප‍්‍රයෝජනය සඳහා නවීන උපකරණ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත් පැවසේ.

ගුවන් ගමන්වල යෙදෙන මගීන් පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අදාළ අංශවෙත උපදෙස් දී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මත්කුඩු කිලෝ 756ක් අද කැළණියේදී විනාශ කෙරේ…

colombotoday

රනිල්ට එරෙහිව ඌවේ විරෝධතා…

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

colombotoday