Colombo Today Local News

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පැනවීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර සිටීයි.

ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පැනවූ මෙම තහනමෙන් යුද්ධය නිමවී දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර තිබෙන බවද එම නිවේදනයේ තවදුරටත් සදහන් කොට තිබේ.

යුද හමුදාපතිවරයාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති එම තහනම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් (14)වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් මේ බව අවධාරණය කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

ශ්‍රීලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් ඔහුගේ පවුලටත් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පනවා තිබෙනවා.අවසන් යුද්ධ සමයෙදී සිදුකරනු ලැබූ මානව හිමිකම් කඩකිරීම් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් සම්බන්ධ සාක්කි සාධක අනුව එවක යුද හමුදාවේ 58වන සේනාංකය බාර වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වගකිව යුතු වෙනවා.

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කළ අවස්ථාවේදී ඉහත දැක්වූ කාරණාවන් මත දෙමළ ජාතික සන්ධානය එම පත්කිරීම ගැන අප්‍රසාදය සහ විරෝධය පලකළා.

යුද්ධය අවසන් වී වසර දහයක කාලයක් ගතවී තිබියෙදීත් වගකීම් පැහැර හරින ලද ආණ්ඩුවේ දෑස් මේ තහනම තුළින් විවර වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාව යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල කරන් සිටියා.ඒ අරගලයේ සුළු ප්‍රතිපලයක් විදිහට අප මේ තහනම දකනවා.

ශ්‍රීලංකා රජය දැන් හෝ ජාත්‍යන්තර විමර්ශන වලින් හෙලිව ඇති මේ සාක්කි පදනම් කරගනිමින් යුද අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමට ඉඩකඩ විවර කරදිය යුතුයි කියල දෙමළ ජාතික සන්ධානය විදිහට අපි බලකර සිටිනවා.

Related posts

“විධායකය අහෝසි කරන මුවාවෙන් රටේ ඒකීයභාවය අහෝසි කිරීමේ මෙහෙයුමක්” ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්‍ෂ විරෝධය

colombotoday

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

colombotoday

මට ඒකාධිපතියා කියලා, ඒ අයම ජනාධිපති ධුර කාලය දික්කරගන්න දගලනවා – හිටපු ජනාධිපති

colombotoday

යහපාලනයෙන් මැති ඇමතීන්ට මිස ජනතාවට ලැබුණ දෙයක් නෑ. ඉන්ධන මිලවත් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday