Uncategorized

හම්බන්තොට ඉඩමක් ඊශ්‍රායල් සමාගමකට.. කැබිනට් අනුමැතියෙන් දෙයි…

හම්බන්තොට, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉඩම් ඊශ්‍රායලයේ කොකෝවා සමාගමක ව්‍යාපෘතියක් සඳහා පවරා දීමට ඇමති මණ්ඩලය පසුගිය 21 වැනිදා අනුමැතිය ලබා දී ඇත.

ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් ලෙස හඳුන්වා තිබෙන ඊශ්‍රායලයේ බින් සහ සමාගමේ ව්‍යාපෘතියක් ලෙස එම වගා ව්‍යාපෘතිය දියත් කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් මේ රටේ වෝල්ස්ටා කෝප් සමාගම යොදා ගන්නා බව අදාළ කැබිනට් නිරේදේශයෙන් දක්වා ඇත.

යෝජිත ව්‍යාපෘතිය සඳහා මෙයට පෙර ඇමති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති අතර, ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා ඇගයීම් වාර්තා සකස් කිරීමේ ප්‍රමාදයක් පැවතී ඇති බව කියැවේ. එම නිසා ශක්‍යතා අධ්‍යායන වාර්තාව සකස් කිරීමට මාස හයක පමණ කාලයක් ලබා දී තිබේ. මෙයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.

මේ වනවිට හම්බන්තොට වරාය ආශ්‍රිතව අක්කර 15,000ක් චීන සමාගමකට අවුරුදු 99ක් සඳහා බදු දී තිබේ. එයින් ඇති වී තිබෙන සමාජීය හා පාරිසරික මෙන්ම භූගෝලීය ජාත්‍යන්තර දේශපාලනික ගැටීම්වලට මුලපිරී තිබේ. එවැනි තත්වයක් ඇති වී තිබෙන තත්වයක් තුළ එම දිස්ත්‍රික්කයේම ඊශ්‍රායල් සමාගමකට ද ඉඩම් දීමේ අනුමැතිය ලබාදීමෙන් අතිශය බරපතල ගැටලු රැසක් රට තුළ මෙන්ම ජාත්‍යාන්තර දේශපාලනයේදීද ලංකාව කේන්ද්‍රගතව නිර්මාණය වීමේ අනතුරක් පවතී.

Related posts

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

colombotoday

2018 රජයේ නිවාඩු ගැසට්පත්‍රය පිටවෙයි.. ‘වෙසක් පොහොය‘ වෙසක් මාසයෙන් අතුරුදන් !

colombotoday

බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට තීරණයක්

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

“මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා” – මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන පුතු තැබූ සංවේදී සටහන

colombotoday