Colombo Today Local News

හතුරුසිංහ ඉවතට…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නවසීලන්තය හා පැවැත්වෙන තරගාවලිය සඳහා අතුරු පුහුණුකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා හතුරුසිංහ මහතා අතර එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙසේ ඔහු ඉවත්කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ මහතා අතර ඇතිකරගත් ගිවිසුමේ වගන්ති 14ක් ඔහු විසින් කඩකර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ඔහුට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ අතර තුළ අවශ්‍යනම් ක්‍රිකට් ආයතනය සමග එකඟතාවයකට පැමිණිය හැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Related posts

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

colombotoday

ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය – කිර්ති දුනුවිල

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි !

colombotoday