Colombo Today Sports News

හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්

ජල ගාස්තුව 65%-100% දක්වා ඉහල දැමීම සදහා අනුමැතිය ඉල්ලා ඇමති රවුෆ් හකීම් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඇමති රිෂාඩ් බදියුදීන් විරෝදය දක්වා තිබේ.

ජලාපවාහන මණ්ඩලය මේ වන විට පාඩු ලබන්නේ ජල ගාස්තු වැඩි නොකිරීමක් නිසා නොව ඇමති රවුෆ් හකීම් විසින් මණ්ඩලයට සිය දේශපාලන හිතවතුන් විශාල පිරිසක් රැකියා සදහා බදවාගෙන තිබීම නිසා බව ඔහු  පෙන්වා දී තිබේ.

මෙසේ බදවාගෙන ඇති පිරිස 800කට අධික බවත් ඔවුන් සදහා වැටුප් ගෙවීම හේතුවෙන් මණ්ඩලයට මෙම තත්වය උදා වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඇමති හකීම් මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරමින් සදහන් කර ඇත්තේ 2010 සිට ගාස්තු වැඩි කිරීමක් නොකල නිසා මණ්ඩලය පාඩු ලබන බවයි.

Related posts

Live: Colombo Kings vs Dambulla Viiking | Match 7 -LPL 2020

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

කළමනාකාරිත්වය විවේචනය කරමින් මොහොමඩ් අමීර් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28දා ලංකාවට

colombotoday

ධනුෂ්ක, දීක්වැල්ල සහ මෙන්ඩිස් නොමැති ජාතික ක්‍රීඩක ගිවිසුම ක්‍රිකට් ක්‍රීඩකයින් 18ක් අත්සන් කරයි

colombotoday