World

සෞදියට එරෙහිව ලියූ කෑලි කර මරා දැමූ මාධ්‍යවේදී කෂෝගි ගේ ඝාතකයන්ට සමාව දෙන්න එපා. – පෙම්වතිය ඉල්ලයි

2018 වසරේ මරා දමන ලද මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතකයන්ට ‘සමාව දීමට කිසිවෙකුට අයිතියක් නැතැයි’ ඔහුගේ පෙම්වතිය කියා සිටිනවා.

ඇය එම ප්‍රකාශය කර තිබෙන්නේ සිය පියා මරා දමන ලද පුද්ගලයන්ට සමාව දෙන බවක් ජමාල් කෂෝගිගේ පුත්‍රයා විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුවය.

තුර්කි ජාතික හැටිස් සෙන්ගිෂ් (Hatice Cengiz) නම් එම කාන්තාව ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින් “ජමාල් මරා දැමීමේ සාහසික අපරාධයට වගකිවයුත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබීම සඳහා කාලය අතින් සීමාවක් නැතැයි” කියා සිටියා.

සෞදි අරාබි පාලනය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ ජමාල් කෂෝගි 2018 වසරේ තුර්කියේ, ඉස්තාන්බුල් නගරයේ සෞදි තානාපති කාර්යාලය තුළ දී මරා දමනු ලැබිණි.

එම ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත් වීමක් නැතැයි පවසන සෞදි අරාබි නිලධාරීන්, එය ‘කුරිරු මෙහෙයුමක්’ ලෙස හඳුන්වා ඇත. සෞදි අරාබියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලෝක මට්ට්ටමින් පළවෙමින් පවතින්නේ සැකයකි.

Related posts

ඔස්ට්‍රියාවේ මුස්ලිම් සිතියමක් ප්‍රසිද්ධියට පත්කරයි.

colombotoday

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

පැරණිතම මානව හිමිකම් සංවිධානයක ලියාපදිංචිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

colombotoday

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

colombotoday

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

colombotoday