Colombo Today Local News

සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.

අද (04දා) පෙරවරුවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම උපදෙස් දී ඇත.

මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියළුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත ජනාධිපතිවරයා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනිවර කීයවීම පරාජය වීමෙන් උණුසුම් තත්වයක්.

colombotoday

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – රාජිත පුත් චතුර

colombotoday

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday

පාළු නිවසක කාන්තා මළසිරුරක්

Admin

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday