Colombo Today Local News

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

ගවයකු සපා කෑවයි උරණවී වවුනියාවල මාමඩුව ගම්මානයේ නිවාසවල සිටි සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළැයි හිටපු හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බවට මාමඩුව පොලිසිය පවසයි.

මස් සහිත ආහාර ද්‍රව්‍යක් ලබාදීමෙන් පසුව සුනඛයින් මියයෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් මාමඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලදාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකාර හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගව පට්ටියක් පාලනය කරන අතර ඔහුගේ ගවමඩුවෙහි සිටි ගවයකු හා පැටවකු සුනඛයින් විසින් සපාකෑමෙන් අනතුරුව උරණ වී වස මිශ්‍ර මස් ලබාදීමෙන් මෙම සුනඛයින් ඝාතනය කර ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ ගවයින් සම්බන්ධ සිද්ධීන් නිසා සැකකරු නිවාස වල ඇතිකරන සුනඛයින්ට අවස්ථා ගණනාවකදී වස ලබාදී ඝාතනය කොට ඇතිබවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු මාමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු වන අතර ඔහු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මාමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

colombotoday

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin