Colombo Today Local News

සීනි වෙළෙඳාමේ අලුත්ම මගඩිය

සීනි සදහා වන ආනයන බද්ද 2020.10.14 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් එකට රුපියල් 50 සිට සත 25 දක්වා අඩුව ඇති හෙයින් වෙළඳපොලේ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 135/- සිට රුපියල් 100/- දක්වා අඩු කොට විකිනිය හැකි බව විචාරකයන් පවසයි.

මේ අතර ආරංචි මාර්ග අනුව මහා පරිමාණයේ ආනයනකරුවන් සතුව සීනි සංචිත ගබඩා කරගෙන ඇතත් තමන්ට පාඩු වන බැවින් අඩු මිලට සීනි විකිනීමට ප්‍රතික්ෂේප කරන බවත්, තවද එකී මහා පරිමාණයේ ආනයනකරුවන් ආනයන – අපනයන පාලකවරියහට බලපෑම් කොට සත 25 බදු මුදලට යටත්ව සීනි ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිට ඇති බව වාර්තා වේ. මේ වන විට කොළඹ වරායට සීනි මෙට්‍රික් ටොන් 35000 පමණ ආනයනය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් නොකර ආනයන අපනයන පාලකවරිය කල්මරන බවත් වාර්ථා වේ.

මේ අනුව රුපියල් 100ක උපරිම සිල්ලරමිලට අලෙවි විය යුතු සීනි රුපියල් 135ට පමණ අලෙවි වන්නේ මහා පරිමාණ ආනයනකරුවගේ අවශ්‍යතාවටයට බවටත්, ආනයන අපනයන පාලකවරිය මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් මහ ජනතාවට සහන සැලසීමට අකුල් හෙලන්නේ වෙනත් හේතුමතද යන සැකය මතුවන බවද විචාරකයන් පෙන්වා දෙයි.

Related posts

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

colombotoday

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

එක්නැලිගොඩ ගැන අහන්න බුද්ධි අංශ නිලධාරිනියකුත් මුල්වරට CID කැඳවයි

colombotoday