Colombo Today Local News

සිරගත රණවිරුවන්ට නිදහස, සහනාධාර වෙනුවට පොහොර නොමිළේ – ජන සන්නිපාතය මැද ගෝඨාගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රීලනිප ප්‍රබලයෙකු වන දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක ද එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්විණි.

තමන් ජනාධිපති ධුරයට පත්ව පසුවදාම අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්ට නිදහස ලබා දෙන බවත්, පොහොර සහනාධාර වෙනුවට ගොවීන්ට පොහොර නොමිළේ ලබා දෙන බවටත් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.‍

මෙම සමාරම්භක රැස්වීම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රබලයන් සහ සෙසු පක්ෂ නියෝජිතයන්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධානයක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු දේශපාලකයන් ද අති විශාල සංඛ්‍යාවක් සහභාගී විය.

සටහන සහ ඡායාරූප : පාලිත ප්‍රේමලාල්, දඹුල්ල

Related posts

මීළඟ අගමැති රනිල් ද ? ජනපති තීන්දුවට සැරසෙයි.

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday