Colombo Today Local News

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

ලෝක උරුම සීගිරි පව්ව ආසන්නයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින්  සීගිරිය අභය භූමියේ අක්කර දහයක පමණ පුරා විහිදී ඇති ඓතිහාසික නටඹුන් සහිත භූමියක් මේ දිනවල නිදන් හොරුන්ගේ ග්‍රහණයට  නතුව විනාශ වෙමින් පවතී.

සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයට සීගිරිය පොලීසියට සීගිරිය වනජීවී කාර්යාලය කිලෝමීටර් එකහමාරක පමණ දුරකින් පිහිටි මෙම ස්ථානයේ  කොරවක්ගල් සඳකඩ පහණ චෛත්‍ය පැරණි ගඩොල් ගල් කණු විශාල වශයෙන් විනාශ කොට චෛත්‍ය ගර්භ හාරා පුරාවස්තු සංහාරයක් සිදු කොට ඇති බව රහසිගත ගවේෂණයකදී අද (23)  දින  මාධ්‍යවේදීන් කණ්ඩායමකට හෙළිකර ගැනීමට හැකිවිය.

සීගිරිය වනජීවී නිලධාරීන් රාජකාරියකට  අභය භූමියට යන අවස්ථාවක කණ්ඩායමක් මෙම ස්ථානයේ කැණීම් කරමින් සිට පැන ගොස් තිබිණි. ඔවුන් ගෙන ආ නිදන් කැණීම් උපකරණ පාවහන් අලවංගු සහ ජංගම දුරකථනයක් ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබිණි.

වනජීවී නිලධාරීන්ගේ එම භාණ්ඩ සොයාගැනීම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී මෙම මහා පුරාවිද්‍යා භූමිය විනාශ කොට ඇති අයුරු අනාවරණය වීම විශේෂත්වයකි.

සීගිරිය රාම කැලේ නමින් මෙම ප්‍රදේශය හඳුන්වන ලබන අතර ඓතිහාසික නටඹුන් වලින් දැක ගත හැකිවන්නේ    මෙම ස්ථානයේ බෞද්ධ මධ්‍යස්ථානයක් හෝ රජ මාලිගාවක් වැනි   පිහිටා ඇති බවය. ඉපැරණි ගල්කණු සඳකඩපහණ කොරවක්ගල්  චෛත්‍ය නටඹුන් විශාල ගොඩනැගිල්ලක නටඹුන් මේ  වනවිටත් එම ප්‍රදේශයේ දී කැලෑවට යටව නිදන් හොරුන්ගේ විනාශයට ලක්ව   තිබෙන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

මෙහි සෑම ස්ථානයක්ම නිදන් හොරුන්ගේ දැඩි පාරාදීසයක් බවට පත්ව පුරාවස්තු විනාශ කොට තිබෙන ආකාරය විනාශ කොට දමා තිබිණි.

Related posts

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

අභිරහස් මිල සුත්‍රයෙන්, පෙබරවාරි දක්වා තෙල් මිල ඉහළට !

colombotoday

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ලේසියෙන් බෑ… රජයේ කොන්දේසි මෙන්න

colombotoday

මිලියන 300ක කොකේන් සමග කෙන්යා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට..

Admin

ඉතිහාසයේ මුල්වරට ගාල්ලේ හර්තාල්.. කඩසාප්පු වසා ව්‍යාපාරිකයෝ විරෝධයේ !

colombotoday

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday