Colombo Today Local News

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ.

අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අප මාතෘ භුමියට ද පිවිසීම නිසා මුතුන්මිත්තන්ගේ සමයේ පවා නොඇසු තරමේ ආපදාවකට අප දැන් මුහුණ දී සිටින බවයි.

සාමුහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂඥයින් විසින් දැඩිව අවධාරණය කර ඇති බැවින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රටට සහ ජාතියට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ස්වෙච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මේ උත්සව සමයේදී ද සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් රෝග කාරකය පැතිර යාම වැළැක්වීමට කැපවන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අලුත් අවුරුදු සතුටේ සැබෑ හිමිකරුවන් කුඩා දූ පුතුන් වන අතර මෙවර අලුත් අවුරුදු සැණකෙළිවලට සීමා පැනවී ඇති නමුත් දරුවන්ට අවුරුදු සතුට භුක්ති විදිමට අප අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම නිසා නිවසේ රැදී සිටිමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට දරුවන්ට අවුරුදු අසිරිය විඳගැනීමට ඉඩදෙන මෙන් ඉල්ලීමක් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට CIDය අධිකරණයෙන් ඉල්ලයි. අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2500 ක් වරායේ

colombotoday