Colombo Today Local News

සිංහල දරු සංහාරක චූදිත සාෆිට නැවත රැකියාව දෙන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වයි !

කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම වෛද්‍යවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය. ඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර, මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් නම්කර ඇත.

අදාළ අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සිදු කරන විමර්ශනවලට බාධාවක් නොවන අයුරින් එම නිර්දේශ සෞඛ්‍ය ලේකම්වරිය විසින් යොමුකළ යුතු වෙයි.

Related posts

ආප්පයා කියන්නේ කාටද? ඒක වැරදි වචනයක්ද.. දරුවෙකු හැගීම් පලකරාට වරදක් නෑ – විමල් වීරවංශ

colombotoday

එජාප මහලේකම් ධුරය අකිලගෙන් ගිලිහෙන ලකුණු… අලුත් නමක් යෝජනා වෙයි

colombotoday

උද්ධමනය ඉහළට…

colombotoday

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල් වරට ගුවන් නියමුවරියන් බදවා ගනී

colombotoday

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

Admin