Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුමේ වැරදි ගොඩයි… අත්හිවිය යුතුයැයි ජනපති කියයි…

සිංගප්පූරු ගිවිසුම රජයේ මැදිහත් වීම තුළ තාවකාලකිව නැවතිය යුතු බවත්, ඊට සංශෝධන එකතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපතිවරයේ මේ බව කියා සිටියේය.

මෙහිදී සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

“සිංගප්පුරු ගිවිසුම පිළිබඳව මම කොමිෂන් සභාවක් පත් කළා. එහි නිර්දේශ මට පසුගිය සතියේ ලැබුණා. එම නිර්දේශවල සඳහන් වෙනවා මෙම ගිවිසුමේදී වැරදි රාශියක් සිදු වෙලා තිබෙන බව. මම ඒක දීර්ඝව පැහැදිලි කරන්නේ නැහැ මේ වෙලාවේ. විශේෂයෙන් එහි එක් ඡේදයක සඳහන් වෙනවා ඊට අදාළ නියෝජිත ආයතන, වෙළෙඳ වරාය, කර්මාන්ත, මුදල් ඇතුළු අදාළ අමාත්‍යාංශ ඒ ගිවිසුම අත්සන් කිරීමට ඒ නිර්දේශ ගතයුතු ආයතන රාශියකින් ඒ නිර්දේශය ලබාගෙන නැතිකම කර තිබෙන බරපතළ වැරුද්දක් ලෙස මෙම වාර්තාවේ පෙන්වා දෙනවා. ඒ නිසා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.“

“මගේ අදහස එය රජයේ මැදිහත්වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එක. ඊට සංශෝධන කළයුතු වෙනවා. ඒ සංශෝධනවලදී මම දන්නේ නැහැ තවත් විශේෂඥයෝ යොදවලා සම්පූර්ණයෙන් මේ ගිවිසුම ඉවත් කරනව ද, සංශෝධන සහිතව කළහැකි ද කියන එක, නීති විශාරදයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අනුව කළයුතු කාර්යයන් විදියටයි මම දකින්නේ. ඒ නිසා මේ තත්ත්වයන් වලදී ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕන මම මේ කියපු කරුණු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේදී අපි මේ අත්දැකිම් සමග ඉදිරියට වැඩකරන ක්‍රමය කොහොමද නිරවුල් කරගන්නේ කියන කාරණාව. “

Related posts

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

colombotoday

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday

විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නෑ.

colombotoday

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin