Colombo Today Local News

සිංගප්පුරුවේ නීතිරීති මෙරට ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන බව සජිත් කියයි

තම පාලනයක් තුළ සිංගප්පුරුවේ ක්‍රියාත්මක නීතිරීති මෙරට ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට ක්‍රියාකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දෙහිවල පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන හමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ (27)දින රාත්‍රී දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, අද වන විට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් සිය වෙළෙඳාම පාසල් සිසු දරුවන්ද සම්බන්ධ කර ගෙන රට තුළ සිදු කරන බවය.

සමගි ජන බලවේග රජයක් තුළ නීතිය රට තුළ නිසි ආකාරව ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහමුලින්ම තුරන්කිරීමට දැවැන්ත ජාතික මෙහෙයුමක් දියත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

කොස්ගම ඛේදවාචකය ගැන හිටපු ආරක්ෂක නිසි බලධරයා කතා කරයි

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

Admin

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

colombotoday

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

colombotoday

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday