Colombo Today Local News

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන තිබු සාහුල් හමීඞ් හිස්බුල්ලා යන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී තිබෙනවා.

සැකකරු පසුගිය ජුනි මස 15 වැනිදා වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැලිමඩ සිල්මියාපුර පදිංචි 21 හැවිරිදි මෙම සැකකරු මොහොමඞ් සහරාන් නමැති අය සමග හම්බන්තොට ප්‍රදේශයේ දී පුහුණුවීම් හා අවි පුහුණුව ලබා ඇති බවට අනාවරණ වී තිබුණා.

ඒ අනුව එම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදුන් බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

Related posts

ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)

colombotoday

මිය ගිය කොටි සහ දෙමළ වැසියන් මුල්ලිවයික්කාල්හිදී සැමරේ (Photo)

colombotoday

“හිරුණිකාට එක නීතියක්.. අපේ හාමුදුරුවන්ට තව නීතියක්.. ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – හිටපු ජනපති

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට

colombotoday

රණවිරුවන්ට සැලකූ එකම රජය වත්මන් රජයයි…

colombotoday