Colombo Today Local News

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

මිලේනියම්  චැලෙන්ජ් ගිවිසුමේ  නරක පෙන්වා ඇති බවත් දැන් මංගල සමරවිර මහතාට දේශපාලනයෙන් ඉවත්විය හැකි බවත් පාර්ලිමේන්තු  මන්ති‍්‍ර විමල් විරවංශ මහතා පැවසිය.

මාතර, දෙණිපිටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදි ඔහු  මේ  බව පැවසිය.

එහිදි වැඩිදුරටත් අදහස් පළකල ඒ මහතා ,

“මේ  මාතරින් බිහිවුණ  ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ  මංගල සමරවිර මිලේනියම්  චැලෙන්ජ් ගිවිසුම ගැන සුදුහුණු ගානවා. තමුන්නාන්සෙලා දන්නවා ගිය සතියේ පාර්ලිමේන්තුවේ  මිලේනියම්  චැලේන්ජ් ගිවිසුම අත්සන් කරා.  ඒ අත්සන් කරාම මේ  තියෙන මගේ රටේ ති‍්‍රකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා. කිලෝමිටර් 200 ක් දිග කිලෝමිටර් 15ක් පළල  පටියක් රට මැද්දෙ හැදෙනවා. ඉඩම්  ලක්ෂ 12ක් මේකට  ආවරණය වෙනවා. වනබිම්, පුරාවිද්‍යා  බිම්  නගර, රජමහා විහාර, සීගිරිය, දඹුල්ල මේකට  අයිති වෙනවා. දිස්ති‍්‍රක්ක 6 ක් හරහා මේක  කොළඹ වරායට එනවා. මේක  ඇතුලේ බලපවත්වෙන්නෙ ඇමරිකන්කාරයගේ නීතිය. මෙතන  ඉඩම්  අක්කර 12 යි.  ඊට අමතරව තව ඉඩම්  ගන්නවා ඔක්කොම ඉඩම්  වලින් 18.2% ක් ඇමරිකන්කාරයා අත්පත් කරගන්නවා. අත්පත් කරගන්න දැනට තියෙන බාධා නිසා ඉඩම්  නීතිය වෙනස් කරනවා.  බලපත‍්‍ර ඉඩමට සින්නක්කර ඔප්පු දෙනවා එතකොට පවරන්න ලේසියි

අපේ ඉඩම්  වලින් 18.2 %ක් කියන්නේ අක්කර විසිනම ලක්ෂ හැටපන්දාස් දෙසිය හැටහතරයි. අපිට හම්බ වෙනවා ප‍්‍රදානයක් ඩොලර් මිලියන 480ක. ඒක රුපියල් වලට හරවලා අක්කර ගාණින් බෙදුවම එක අක්කරයක වටිනාකම රු .විසිනමදාස් එකසිය තිස්හතයි. පර්චස් 1ක වටිනාකම රු 180 යි. මගේ මුතුන් මිත්තෝ රැක්ක  රට, විරයන් මිහිදන් කරපු රට, මේ  රට තමයි ඇමරිකන්කාරයට අද පාවා දිලා තියෙන්නේ. පිංසිරි සමරවිර කිව්වා මේ ගිවිසුමේ වරදක් තියෙනම්  පෙන්වා දෙන්න දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා.  ඔන්න පෙන්වලා දුන්නා. දැන් එතුමට දේශපාලනයෙන් චුත වෙන්න පුළුවන් ’’ යැයි විරවංශ මහතා තවදුරටත් පැවසිය.

Related posts

“ඇසට ඇසක්.. දතට දතක්” එජාපය වාඩුව ගනී ! දෝෂාභියෝගයක් ගෙනත් ජනපති එළවන්න සූදානම් !

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

colombotoday

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

colombotoday

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday