Colombo Today Local News

සති තුනක් තුල කල වැටලීම්වලදී ගිනි අවි 122ක් අත්අඩංගුවට

දිවයිනේ පොලිස් ස්ථාන රැසක අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කරන ලද වැටලීම්වලදී විවිධ වර්ගයේ ගිනි අවි 122ක් අත්අඩංගුවට ගෙන තිබේ.

2020.06.06 වන දින සිට 2020.06.30 වන දින දක්වා මෙම වැටලීම් සිදු කර ඇත.

ඒ අනුව ටී 56 ගිනි අවි 11ක්, ටී 81 ගිනි අවියක්, බෝර 12 ගිනි අවි 26ක්, පිස්තෝල 3ක්, ගල්කටස් 26ක්, රීපිටර් 46ක් හා වෙනත් ගිනි අවි 9 ක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 89ක්.

හෙරොයින් කිලෝ 7යි ග්‍රෑම් 1413ක් සමග සැකකරුවන් 6140 ක් ද, ගංජා කිලෝ 295 ක් සමග සැකකරුවන් 4413ක් හා අයිස් ග්‍රෑම් 1025ක් සමග සැකකරුවන් 415ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක් හා ඩෙටනේටර්, අත්බෝම්බ ළඟ තබා ගත් සැකකරුවන් දස දෙනෙක් ද අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව සැකකරුවන් 9,077 ක් සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.

වෙනත් වැරදි සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 17,275කි.

Related posts

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

colombotoday

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේ අක්‍රමිකතා පරීක්ෂණ නැවතුනේ චමල් ආණ්ඩුවට එක්වෙන නිසා?

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday