Colombo Today Local News

සජිත්ට අලියා දෙන්න රනිල් බෑ කියයි… එජාපය සජිත්ගේ සන්ධානය වර්ජනය කරයි !

නෙළුම් පොකුණ රඟහලේ දී අද (2 වැනිදා) පැවැත්වෙන සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය​ට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවීමට තීරණය කර ඇත.

රනිල් පිල අලියා ලකුණින් වෙනම තරග බිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊ​යේ (1 වැනිදා) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මාස දෙකකට පෙර පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ලබාදෙන ලෙස දැනුම් දී ඇත. නමුත් මෙතෙක් ව්‍යවස්ථාව ලබාදී නොමැති හෙයින් පක්ෂයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතු වී ඇත. සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ ගැටලුව නොවිසඳීම තවත් හේතුවක් වෙයි. කෙසේ වෙතත් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිරිසට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී තීරණය කර තිබේ. ඉදිරි මහ මැතිවරණයට ‘අලියා’ ලකුණෙන් ඉදිරිපත් වීමටද මෙම සාකච්ඡාවේදී තීන්දු කර ඇත.

මහ මැතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නාම​ යෝජනා මණ්ඩලය ඊයේ (1 වැනිදා) සිට රැස්වී සිය අපේක්ෂකයන් තේරීමද ආරම්භ කර ඇත.

Related posts

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

colombotoday

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin

විධායකය අහෝසි කිරීමට එකග නෑ.. ව්‍යවස්ථා සංශෝධන පමණයි.. ශ්‍රීලනිපයේ නිල මතය කියයි

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

සෝභිත හිමි අපවත් වීමට ‍හේතු වූ හදවත් සැත්කමේ අභිරහස…?

colombotoday