Colombo Today Local News

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව කඩිනම් පියවරක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළහ.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (18) උදෑසන අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් එකිනෙකාට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීම පක්ෂයේ සමගියට කරන අතිශය නරක පූර්වාදර්ශයක්යැයි අග‍්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වූ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ උපනායක රවී කරුණානායක යන මහත්වරුන්ගෙන් පක්ෂයට ගත හැකි සේවය උපරිමයෙන් ගතයුතු බව අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වාදුන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු ඒ සඳහා වහාම මැදිහත්ව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි වැඩිදුරටත් ඉල්ලූහ.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීමට සාවදානව කන්දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන සතියේදී තමන් මෙම ප‍්‍රශ්නය විසඳීමට ක‍්‍රියාකරන බව ප‍්‍රකාශ කළේය.

Related posts

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

colombotoday

කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි, මඩවල රතිඤ්ඤා දල්වා සතුට සමරයි

colombotoday

අද පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි

Admin

දෙවැනි නිවාඩුවත් ළගයි වගේ පේනවලු.. සටහනක් තබා, ගම්මන්පිල පොලීසි යයි !

colombotoday

පරිප්පු මිළ ඉහළට !

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday