Colombo Today Local News

සජිත් නිහඩ වෙයි.. සාකච්ඡා, රැස්වීම් වර්ජනය කරයි.. දුරකථනයටත් පිළිතුරු නෑ…

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් පක්ෂ නායකයන්ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසට මන්ත්‍රීවරයා හමුවීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වෙයි.

කථානායකවරයා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමද අවලංගු වූයේ සජිත් ප්‍රේමදාසගේ නොපැමිණීම නිසාය. මෙම රැස්වීමට නොපැමිණීම පිළිබඳව කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සිය අසතුට පළ කළ බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අවසානයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගැනීමට තමන් තීරණය කළ බව කථානායක කරු ජයසූරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය. තමන් එම තීරණයට එළැඹුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බව කථානායකවරයා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරු 40ක් කථානායකවරයාට ලිපියක් යොමු කර තිබිණි. එම ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාව වර්ජනය කිරීම නිසා කථානායකවරයා දැඩි තීන්දුවක් ගැනීමටද නියමිතව ඇත.

aruna.lk

Related posts

පාස්කු ප්‍රහාරය : ජනපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

colombotoday

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

colombotoday

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday