Uncategorized

සජිත් ජනපති වුණොත් මීළග සිංහල අවුරුදු කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක“

රටේ අවාසනාවට හා ජනතාවගේ කරුමයට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ 2020 අගෝස්තු දක්වා අගමැතිවරයා බවත් මේ කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ සවස අනුරාධපුරයේ පැවති විද්වද් හමුවක් අමතමින් පැවසීය.

ඒමහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ව්‍යවස්ථා යෝජනාවලට එකඟයි යනුවෙන් කට්ටියම උඩ දා ගෙන අත ඉස්සුවේ මේකට තමයි. ඔරුමිත්ත නාඩුව හදල දෙන්න. චම්පික රණවකත් ලජ්ජා නැතුව ඇත ඉස්සුවා. ඔය අත ඉස්සුවේ වෙන මොකකටවත් නොවෙයි ඔරුමිත්ත නාඩුව හදන්න කැමතියි කියන්න.

සජිත් කියන්නේ බටහිරයන්ගේ බළල් පැටියෙක්. සිරිසේන උන්නැහේ ලව්වා බැරි වෙච්ච නිසා දැන් සජිත් ලව්වා කොස් අට බාවන්නයි හදන්නේ.

සිංහල මිනිස්සු සජිත්ට ජන්දේ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න එක. සජිත් කියනවා කොන්දේසි නැහැ කියල. අප සජිත්ට අභියෝග කරනවා පුලුවන්නම් කට ඇරලා කියන්න ‘මම ආවොත් ඔරුමිත්ත නාඩුව හදන්නේ නැහැ’ කියල.

Related posts

ඉරාකයේ සිවිල් නොසන්සුන්තා – එමිරේට්ස් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

බැසිල්ට යළිත් නොතීසි

colombotoday

බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

colombotoday