Colombo Today Local News

සක්විති රණසිංහට ඇප නියමවේ

රුපියල් කෝටි 162 කට අධික මහජනතාවගේ මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් වසර 09කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ අද (10) ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

සක්විති හවුසින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නම් ආයතනයක් පවත්වාගෙන යමින් මහ බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඔහු විසින් මහජනතාවගෙන් රුපියල් කෝටි 162කට අධික මුදලක් තැන්පතු ලෙස ලබා ගෙන එම මුදල් වංචා කිරීම සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කිරීම ආදී චෝදනා තුනක් සම්බන්ධයෙන් සක්විති රණසිංහට එරෙහිව අධිකරණ තුනක් හමුවේ චෝදනා ගොනු කර නඩු පවරා තිබුනා.

එම නඩු සම්බන්ධයෙන් පැනවූ ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් අද දින සක්විති රණසිංහට ඇප නියම කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

Related posts

මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

colombotoday

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday