Colombo Today Local News

සංහිදියාව ඇති කරන්න නම් උතුරේ සංවර්ධනය වේගවත් කළ යුතුයි – අර්ජුන

රට සංවර්ධනය කිරීමේදී සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා බැලීමට හැකියාවක් නොමැති බවත්, රටේ සහජීවනය සහ සමගිය ඇතිකිරීම උදෙසා උතුරු ප්‍රදේශයේ සංවර්ධනය වේගවත් කළයුතු බවත්වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය යාපනය කයිට්ස්හිදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“රට සංවර්ධනය කිරීමේදී දකුණ කියලා වෙන් කරන්නේ නැහැ. උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ආදී වශයෙන් සමස්තයක් ලෙස රට සංවර්ධනය කිරීමට අපි අපේක්ෂා කරනවා. පසුගියකාලේ අපිට තිබුණ ප්‍රශ්නය වුණේ මුදල්. අපි ණය වුණු ජාතියක් බවට පත් වුණා. මේ ණය බර නැගෙනහිර ඉන්න අයටත්, බස්නාහිර ඉන්න අයටත්, දකුණේ ඉන්න අයට මෙන්ම උතුරේ ඉන්න අයටත් බලපානවා. නමුත් අපි මේ වනවිට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කර තිබෙනවා. අද අපි ආරම්භ කරන යාපනය අර්ධද්වීපයේ දූපත් අතර ප්‍ර‍වාහන ව්‍යාපෘතිය එහි එක් පියවරක්. ඒ යටතේ උතුරේ දුපත්වල ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරනවා” යැයිද පැවසීය.

Related posts

මැදිරිගිරියේ ගොවි රජවරු පොහොට්ටුව පුප්පති.. ගොවි පුතා දෙවැනි තැනට.. අලියා තුනට වැටේ

colombotoday

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday

සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday

අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.

colombotoday

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin