ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තමන් එකඟ නොවන බව ගුරු සංගම් පවසනවා.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ, දුෂ්කර පාසල්වල දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාව එමගින් අහිමි වන බවයි.
දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දක්ෂ දරුවන්ට උසස් පාසල් සඳහා ඇතුළත්වීමට විකල්ප අවස්ථා ඇති නොකර, ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම යුක්ති සහගත නොවන බවද මහින්ද ජයසිංහ මහතා කියා සිටියා.