Uncategorized

ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම්, එමීර් රාජ්‍ය එරට වැසියන්ට දන්වයි

එක්සත් අරාබි රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි රාජ්‍යයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.‍

එහි නිල ට්විටර් ගිණුමෙන් මේ බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ අනුව අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිම කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාර කිරීමෙන් වළකින ලෙස ඔවුන් දන්වා තිබේ.

මේ පිළිබඳව තොරතුරක් අවශ්‍ය නම් +94 112-301-601 හෝ +971 800-444-44 යන අංක අමතන ලෙසත් ඔවුන් දන්වයි.

අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන්  පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමෙන් වළකින ලෙස දන්වමින් ඔවුන් සිය රට වැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය.

එම අනතුරු ඇඟවීමේ නිවේදනය ඔවුන් තවදුරටත් දිගු කිරීමට කටයුතු කර තිබේ.

Related posts

ඇමති විෂය ගැසට්ටුව සංශෝධනය කෙරේ… රාජ්‍ය බැංකු, රාජ්‍ය වතු සමාගම් කිරිඇල්ල යටතට…

colombotoday

2021 IPL – ඩැනියෙල් සෑම්ස්ටත් කොවිඩ්

colombotoday

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin