Colombo Today Local News

ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරියෙකු බව සඳහන් කරමින් ජාත්‍යන්තර පොලිස් සංගමයේ කොළඹ කාර්යාලයෙන් ඉන්ටපොල්(interpol) හැඳුනුම්පතක් ලබා ගැනීමට උත්සහ කල මුස්ලිම් ජාතිකයෙකු අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් පොලිස් නිලධාරියෙකු බව සඳහන් කරමින් මුස්ලිම් ජාතික පොලිස් නිලධාරියෙකුට අයත් අංකයක් ද මෙම තැනැත්තා ඉදිරිපත් කර ඇත. සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 23 වියැති මොහොමඩ් ශකීල් මොහොමඩ් බිලාල් ලෙස හඳුනාගෙන ඇත.

මෙම තැනැත්තා පිළිබඳව සැක සිතූ නිලධාරීන් ඔහු පොලිසියට බාර දී ඇති අතර 2018 වසරේදී ඉංදියාවට ගොස් සිටියදී එරටින් පිටුවහල් කරන ලද පුද්ගලයෙකු බවට ද හඳුනාගෙන ඇත.

අද දිනයේදී මෙම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

colombotoday

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday