Colombo Today Local News

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුව පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳ පසුගිය 4 දා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව අද දින මෙම කමිටුව පත් කිරීමට පියවර ගැනිණි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මේ අනුව අද සිට කමිටුවට බාරදීමට සියලු පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. සති දෙකක කාලයක දී කමිටුව අදාළ නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය.

එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට ජනාධිපතිතුමා එළැඹීමට නියමිතය.

(7) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමඟ සාකච්ඡාවකට ද එක් වූහ.

Related posts

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කළ පොලිස් සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 61ක් අත්අඩංගුවේ

colombotoday

ෆොන්සේකා ත්‍රීවීලරයෙන් එද්දී තවත් පිරිසක් ට්‍රැක්ටර්වල නැග පාර්ලිමේන්තු එයි

colombotoday

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

colombotoday

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

Admin