Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනය වන අද  ( 8 ) තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 15 ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව ලකුණු 462 ක දැවැන්ත ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 447 ක් අවශ්‍ය වේ.

කෞෂාල් සිල්වා (නොදැවී 8 ) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 7) බැගින් ලබා කඩුල්ලේ රැදී සිටිති.  තරමක් ප්‍රෙව්ගකාරී ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටොක්ස් ලකුණු 62 ක් ලබා සිටියදී පිටයෙන් ඉවත් කිරීමට දිල්රුවන් පෙරේරා සමත් විය.

ඉන් අනතුරුව නැවතත් පිටියේ එක් වූ ජොස් බට්ලර් හා කීටන් ජෙනිග්ස් 5 වන කඩුල්ල සඳහා නැවතත් ලකුණු 77ක සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්ත ඉනිම ස්ථාවර තත්වයකට ගෙන ඒමට කටයුතු කළහ. රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ කෞෂාල් සිල්වා සිලි පොයින්ට් කළාපයේ සිට රැකගත් විශිෂ්ට උඩ පන්දු හේතුවෙන් ජොස් බට්ලර්ගේ ඉනිම ලකුණු 35 කට අවසන් විය.

පළමු ඉනිමේදී ප්‍රෙව්සම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ( ලකුණු 107 ) කඩා වැටී තිබූ එංගලන්ත ඉනිමට ජීවයක් ගෙන දුන් බෙන් ෆෝක්ස් සිය දෙවැනි ඉනිමේදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 34 කදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 37 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 59 කට කඩුලු 2 ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 94 කට කඩුලු 2 බැගින් බිද හෙලූ අතර සෙසු පන්දු යවන්නන් සුපුරුදු දක්ෂතා අතරට නෙපැමිණීම නිසා එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට  එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.   සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රංගන හේරත්ට ගාලු පිටියේ මෙවර එතරම් වාසිදායක තත්වයක් නොපෙන්වූ අතර ඉනිම් දෙකේදීම රංගනට දවාගත හැකි වූයේ කඩුලු 3 ක් පමණි. මෙම ටෙස්ට් තරගය ජය ගැනීම කෙසේ වෙතත් තරගය ජය පරාජයෙන් තොරව හෝ  අවසන් කර ගැනීමටම්, පිතිකරුවන්ට මහත් වගකීමක් කරපිට පැටවනු ඇත.

ක් සමගින් තරමක් ප්‍රෙව්ගකාරී ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටොක්ස් ලකුණු 62 ක් ලබා සිටියදී පිටයෙන් ඉවත් කිරීමට දිල්රුවන් පෙරේරා සමත් විය.

ඉන් අනතුරුව නැවතත් පිටියේ එක් වූ ජොස් බට්ලර් හා කීටන් ජෙනිග්ස් 5 වන කඩුල්ල සඳහා නැවතත් ලකුණු 77ක සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්ත ඉනිම ස්ථාවර තත්වයකට ගෙන ඒමට කටයුතු කළහ. රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ කෞෂාල් සිල්වා සිලි පොයින්ට් කළාපයේ සිට රැකගත් විශිෂ්ට උඩ පන්දු හේතුවෙන් ජොස් බට්ලර්ගේ ඉනිම ලකුණු 35 කට අවසන් විය.

පළමු ඉනිමේදී ප්‍රෙව්සම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ( ලකුණු 107 ) කඩා වැටී තිබූ එංගලන්ත ඉනිමට ජීවයක් ගෙන දුන් බෙන් ෆෝක්ස් සිය දෙවැනි ඉනිමේදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 34 කදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 37 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 59 කට කඩුලු 2 ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 94 කට කඩුලු 2 බැගින් බිද හෙලූ අතර සෙසු පන්දු යවන්නන් සුපුරුදු දක්ෂතා අතරට නෙපැමිණීම නිසා එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට  එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.   සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රංගන හේරත්ට ගාලු පිටියේ මෙවර එතරම් වාසිදායක තත්වයක් නොපෙන්වූ අතර ඉනිම් දෙකේදීම රංගනට දවාගත හැකි වූයේ කඩුලු 3 ක් පමණි. මෙම ටෙස්ට් තරගය ජය ගැනීම කෙසේ වෙතත් තරගය ජය පරාජයෙන් තොරව හෝ  අවසන් කර ගැනීමටම්, පිතිකරුවන්ට මහත් වගකීමක් කරපිට පැටවනු ඇත.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – ඕවර 7 කදී කිසිවෙකු නොදැවී ලකුණු 15

( කෞෂාල් සිල්වා නොදැවී 8, දිමුත් කරුණාරත්න නොදැවී 7 )

එංගලන්ත දෙවැනි ඉනිම – ඕවර 93 කදී කඩුලු 6 කට ලකුණු 322

(රොරි බර්න්ස් 23, කීටන් ජෙනිග්ස් නොදැවී 98, බෙන් ස්ටොක්ස් 62, ජොස් බට්ලර් 35,බෙන් ෆෝක්ස් 37 , රංගන හේරත් 59/2, දිල්රුවන් පෙරේරා 94/2 )

එංගලන්ත පළමු ඉනිම – ඕවර 97 කදී සියලු දෙනා දැවී ලකුණු 342

(කීටන් ජෙනිංග්ස් 46, ජෝ රූට් 35, ජොස් බට්ලර් 38, බෙන් ෆෝක්ස් 107, සෑම් කරන් 48, අදිල් රශීඩ් 35, දිල්රුවන් පෙරේරා 75/5, සුරංග ලක්මාල් 74/3 )

ශ්‍රී ලංකා පළමු ඉනිම – ඕවර 68 කදී සියලු දෙනා දැවී ලකුණු 203

(ධනංජය ද සිල්වා 14, කුසල් මෙන්ඩිස් 19, දිනේෂ් චන්දිමාල් 33, ඇන්ජලෝ මැතිවුස් 52, නිරෝෂන් දික්වැල්ල 28, දිල්රුවන් පෙරේරා 21, සුරංග ලක්මාල් 15, රංගන හේරත් නොදැවී 14 )

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්

වාර්තාව  – ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

ජාතික වෙසක් සතිය අදින් ඇරැඹෙයි

colombotoday

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

colombotoday

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්වාගමික සමුළුව කොළඹදී !

colombotoday

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

colombotoday