Colombo Today Local News

වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට පපුවට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියකට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

තුවාල ලද සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලද සිසුවා මිතුරන් කිහිපදෙනකු සමග ඊයේ (22)දින සවස ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර බෝලය සැකකරුගේ වත්තට ගියා යැයි උරණව මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා මහරගම පිළිකා රෝහලට අනුයුක්ත අයෙකි.

Related posts

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

ඉන්දියාවෙන් ඩීසල් එන්ජින් 20ක් නොමිලේ ශ්‍රී ලංකාවට..

Admin

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday