අනුරාධපුර, දාහියගම ප්රදේශයේදී එල්ලවූ වෙඩි ප්රහාරයකින් “SF ලොක්කා” හෙවත් එරෝන් රණසිංහ නමැති සංවිධානාත්මක අපරාධකරු ජිවිතක්ෂයට පත්ව තිබේ.
අනුරාධපුර ප්රදේශයේ දී මොහු ගමන් කරමින් සිටි මෝටර් රථයට දාහියගම දුම්රිය මාර්ගය අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් එල්ල කළ වෙඩි ප්රහාරයකින් SF ලොක්කා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිදුවීම වන අවස්ථාවේ ඔහු සමග ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙක් ද තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.