Colombo Today Local News

වූහාන් ලාංකිකයන් මත්තලට ගොඩබසිද්දී, ඉන්දියානුවන් ගෙන එන්න ඉන්දීය යානයක් වූහාන් බලා පිටත් වෙයි…

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිරවී සිටින ඉන්දියානුවන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ නවදිල්ලියෙන් නික්මෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ මෙම යානය මුම්බායි සිට ගමන් අරඹා දිල්ලියේ සුළු මොහොතක් නතර කොට පැය 6ක පියාසර කිරීමකින් පසු වූහාන් වෙත ළඟාවීමට නියමිත බව සඳහන්.

කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ වූහාන් නගරයේ ඉන්දියානුවන් 325 දෙනෙකු පමණ සිර වී සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් රැගෙන ඒමට යන ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ඇතුළත් වන අතර, කොරෝනා වෛරසය ආසාදනය නොවූ පුද්ගලයන් පමණක් ගුවන් යානයට ඇතුළත් කර ගනු ලබන බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මුහුණු ආවරණ සහ අත් ආවරණ සහ ඖෂධ වර්ග ද මෙම ගුවන් යානයේ රැගෙන යනු ලබන අතර, කාර්ය මණ්ඩලය සහ මගීන් අතර අවම සබඳතාවක් පවත්වා ගැනීමට කටයුතු කෙරෙනවා. ඒ සඳහා ආහාර පාර්සල් සහ ජල බෝතල් ආසන මතම තබනු ඇති.

මේ අතර වූහාන්හි සිරවී සිටි ලාංකිකයන් 34 දෙනෙකු රුගෙන ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය අද අළුයම මත්තල ගුවන්තොටුපල වෙත ළගා විය. වූහාන් නගරයට ගොඩබැස්වීමට චීන රජය අවසර දුන් පසුව සිය පුරවැසියන් මුදාගත් සිවුවන රට වන්නේ ශ්‍රී ලංකාවයි.

Related posts

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළට

colombotoday

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

මහින්දගේ ව්‍යාපෘතිවලින් වැඩක් නෑ.. නෙළුම් පොකුණ කක්කුස්සි පෝච්චියක් වගේ.. කැතම කැත ජරාවක්

colombotoday

නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි

colombotoday

මහාධිකරණ විනිසුරු එස්. අබේරත්න මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු තනතුරකට

colombotoday

“රට කන NGO රිලව්.. ගහන්න ඕන මුන්ට කණ පැලෙන්න“ ඩිලාන් සිවිල් සමාජාචාරීන්ට බඩකට පුරා නෙළයි

colombotoday