Colombo Today Local News

විශ්වාසභංගෙට පක්ෂවුවහොත් පසුදින අත්වෙන ඉරණමට සූදානම් වෙන්න – එජාපයෙන් අනතුරු ඇගවීම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු සියළු දෙනා පක්ෂ වුවත් අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඇමැතිවරයෙක් හෝ රාජ්‍ය ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් විශ්වාසභංගයට පක්ෂවුවහොත් විශ්වාසභංගයට පසු දින එනම් අප්‍රේල් 05 වැනිදා ඔවුන්ට අත්වෙන ඉරණමට සුදානම්න් සිටින ලෙසද නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළුම පක්ෂ තීරණය කර ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානයද අගමැතිවරයාට සහාය දීමට එකඟතාවය පළ කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

Admin

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

colombotoday

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

“සිංහලේ” කණ්ඩායම ගැන හොයන්න.. අගමැති, සාගලට දැනුම් දෙයි !

colombotoday