Colombo Today Local News

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් පිටව නොයන්නේ නම් පොලිසය යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බව විමල් වීරවංස මහතා පසුගිය 27වනදා පැවති මහින්ද පිලේ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා අද (29) බීබීසී ප්‍රවෘත්ති සේවය සමග පවසා ඇත්තේ එවැනි ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට කිසිඳු අදහසක් නොමැති බවයි.

“අපි කිසිම ආකාරයෙන් ආරක්ෂක අංශ යොදවා ඔහුව ඉවත් කරන්නේ නැහැ. කොහොම කිව්වත් ඔහු දැන් හිටපු අග්‍රාමාත්‍යවරයා පමණයි. අපි ඒ නිසා වික්‍රමසිංහ මහතාට එතැනින් ඉවත් වීම සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙනවා” යැයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එහෙත් පසුගිය 27වනදා විමල් වීරවංස මහතා ප්‍රකාශ කළේ “විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය තුමාට කියනවා, තවදුරටත් විහිළු සපයන්න එපා. අරලියගහ මන්දිරයෙන් අද (27) උදේ 08.00ට යනවයි කියල ඊයේ සන්ධ්‍යාවේ මහින්ද රාජපක්ෂ අගමැති තුමන්ට කිව්වේ. අර සමහර ගෙවල්වල ඉන්න ගෙම්බො පන්නගන්න අමාරුයි වගේ අරලිය ගහ මන්දිරයට වෙලා දැන් ඉන්නවා. හිටපු අගමැති තුමන්ට අද දවසත් අපි අරලියගහ මන්දිරයේ සුව සහනයක් ඇතුව රාත්‍රී නින්දට යන්න අවස්ථාව ලබා දෙන්නම්. හෙට පෙරවරුව සිට ආරම්භවන කාලය ඔබතුමාට ඒ විදිහේ සානුකම්පිතව සලකා බලන කාලයක් බවට පත්වෙන එකක් නැහැ.

කරුණාකරලා බැහල යන්න. බැහැල යන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනව.

ඊයේ සන්ධ්‍යාවේ පොලිස්පති පූජිත ජයසුන්දර මැතිතුමන් ඇවිල්ලා වත්මන් අග්‍රාමාත්‍ය තුමන්ගේ නියෝග අනුව කටයුතු කරන්න බැඳීම පළ කළා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියළුම ප්‍රධානීන් පක්ෂපාතීත්වය පළ කළා. ඒක නිසා කරුණාකරලා බැහැල යන්න…” යනුවෙනි.

කෙසේ නමුත් විමල් වීරවංස මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට ලබාදී තිබූ කාලය ගෙවී ගොස් මේ වනවිට පැය 24ක්ද ඉක්මවා ඇත.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා වත දුරටත් අවධාරණය කරමින් සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට එම ස්ථානයෙන් ඉවත් වීමට අවශ්‍ය කාලය ලබා දීමට සූදානම් බවත් හමුදාව යොදවා ඉවත් කිරීමේ කිසිඳු සැලැස්මක් නොමැති බවත්ය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් සැපයීම අරඹයි

colombotoday

නැවත් යුද්ධයක් එපා.. ත්‍රස්තවාදයක් එපා.. මුලතිව්හී පොස්ටර් ඇලවෙයි….

colombotoday

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday

කොකේන්, ගංජා, හෂීෂ් තොගයක් සමග මාට්ටු වූ ඇමති මංගලගේ “පෞද්ගලික“ ලේකම් !

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

colombotoday

රන්ජන් ජානකී විජේරත්නට ඉගැන්වූ ශුක්‍රාණු පාඩම (Voice)

colombotoday