Colombo Today Local News

විභාග වෙමින් පවතින නඩු 25 යි වරෙන්තු 11ක් ඇති අපරාධකරුවෙක්

වීරකැටිය, හින්බුන්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් ටී-56 ගිනි අවියක්, පතරොම් 30ක් සහිත මැගසිනයක් සහ හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 610ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන හීන්බුන්න, හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු බව ද පොලීසිය පවසයි.

ඔහුට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් අධිකරණවල නඩු 25ක් පමණ විභාග වෙමින් පවතින බවත් වරෙන්තු 11ක් ඇති බවත් අනාවරණය වී තිබේ.

සැකකරු අද (27) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

වල්සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය දින 105කට පසු අවසන්

colombotoday

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday