Colombo Today Local News

විපක්ෂයේ විරෝධතාවය මැද 20 සම්මත කරන්න ආණ්ඩුව තීරණය කලා..- SJB

සමගි ජන බලවේගය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාර්ලිමේන්තුවේදී පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී රජය විසින් 20 වෙනි සංශෝධනය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දින දෙකෙහි විවාදයට ගැනීමට බලාපොරොත්තුවන බව දැනුම් දුන්නා. එවිට විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු දන්වා සිටියේ විවාදය සඳහා අවම දින 4 ක් වත් ලබාදිය යුතු බවය. අවසානයේ දින 3 ක් ඉල්ලුවත් රජය දැඩි ස්ථාවරයක සිටියා. 19 වන සංශෝධනය ගෙන ආවේ ආණ්ඩුව හා විපක්ෂයේ එකගත්වයෙනි. ආණ්ඩු පක්ෂයේ සිටියේ මන්ත්‍රීවරු 42 ක් නිසා විපක්ෂයේ 2/3 ලබාගෙන අවශ්‍ය සං‍ශෝධන ලබා ගත හැකි විය. 19 වෙනි සංශෝධනය ඒවාගේම කාරක සභා කාමර වල සාකච්ඡා වට ගණනාවක් පැවතුනි.

නමුත් 20 වෙනි සංශෝධනය ගැන එවැනි එකගතාවයක් නැත. ඒවාගේම 19 වෙනි සංශෝධනය ගෙන ඒමේදී විපක්ෂය සමග සාකච්ඡා කරන ලදී. මෙවැනි පනතක් ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කල යුතු නමුත් රජය විසින් ස්ථාවර නියෝග අත්හිටවා එයත් වැලැක්වූවා.

ඒවාගේම කොවිඩ්-19 වසංගතයේ දෙවැනි අදියරය පවතින අවස්ථාවක මෙවැනි වැදගත් සහ මුලු රටටම බලපාන පනත් ගෙන ඒම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව දන්වා සි‍ටියා.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණ නඩු තීන්දුව දැන ගැනීමට ලැබෙන්නේ ගරු කථානායකවරයා විසින් 2020.10.20 වෙනි අගහරුවාදා දින ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බැවින් 2020.10.21 වෙනි දින විවාදයට ගතහොත් එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති බව අප තරයේ ප්‍රකාශකර සිටියා. නමුත් ආණ්ඩුවේ බහුතර බලය පාවිච්චි කර හිතුවක්කාර, අත්තනෝමතික හා ඒකාධිපති වැඩපිළිවෙලේ පිළිබිඹුවක් ලෙස 21 හා 22 යන දිනයන් හි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාද කර විපක්ෂයේ විරෝධතාවය මධ්‍යයේ සම්මත කිරීමට තීරණය කරන ලදී.

රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම.) ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.)
ලේකම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ
සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක

Related posts

තියුණු ආයුධයකින් පහර දී අකුරැස්සේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

හරක් හොරුන්, ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, නමගිය අපරාධකාරයන්ටත් නාම යෝජනා !

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday